Pace a tutti coloro che entrano qui....
ඇසේ මතුවන කඳුලු බිඳු
14.12.2012 13:05ඇසේ මතුවන කඳුලු බිඳු ගෙන ඔබේ සිරිපා දොවන්නම්
හදේ නැළවෙන කැලෑ මල් ගෙන ඔබේ සිරිපා පුදන්නම්
ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදුබඳ
මගේ ගත සිත මෝහනය කර මගේ කුදුබව පසක් කර ඇත
කෙළෙස් මළ පිරි නුවර අතහැර බවුන් වඩනට වනේ වැඩි ඔබ
සොයා ආවෙමි පොළෝතලයේ අනෙක් පිහිටක් නොමැති වූ කල
—————