Pace a tutti coloro che entrano qui....


උත්තම මුණි දළදා වඩම්මන

11.11.2013 20:17

උත්තම මුණි දළදා වඩම්මන

මොක්පුර රන් නෞකා බලන් සකි

සත් සමුදුරු ගැඹරේ //

උදේනි රජ පුත් දන්ත කුමරුවන්

උදේනි රජ දූ මාලි කුමරියන්  //

කෙස් කළඹේ සඟවා හිසින් ගෙන

උත්තම මුණි දළදා වඩම්මන

මොක්පුර රන් නෞකා බලන් සකි

සත් සමුදුරු ගැඹරේ

තඹ වන් වැල්ලට මල් වැසි වස්සන

නිසි කල රන් ගොයමේ කිරි වද්දන  //

උත්තම මුණි දළදා  හිසින් ගෙන

කෙස් කළඹේ සඟවා වඩම්මන

මොක්පුර රන් නෞකා බලන් සකි

සත් සමුදුරු ගැඹරේ

සත්සිය වරුසක් අනුර පුරේයා

ලක්දිව පින්කෙත කිරි උතුරායා  //

උත්තම මුණි දළදා හිසින් ගෙන

කෙස් කළඹේ සඟවා වඩම්මන

මොක්පුර රන් නෞකා බලන් සකි

සත් සමුදුරු ගැඹරේ

උත්තම මුණි දළදා වඩම්මන

මොක්පුර රන් නෞකා බලන් සකි

සත් සමුදුරු ගැඹරේ

—————

Indietro