Pace a tutti coloro che entrano qui....
ගාමිණි ජාතකය
29.11.2012 22:39
තවද එක් සමයෙක් හි සඳරාමර ලෝක ගරු වූ බුදුරජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසන සේක් පසුභට විර්ය ඇති භික්ෂූන් කෙණෙකුන් අරඹයා මේ ජාතකය වදාල සේක.
මේ ජාතකයේ වර්ථමාන කථාවත් අතීත කථාවත් එකොලොස් වැනි නිපාතයෙහි වූ සංවර ජාතකයෙහි මතු පහල වන්නේය. කථාව වනාහි ඒ ජාතකයෙහිද මෙතැන්හිද එකාකාරව ගාථාව වනාහි වෙනස් වන්නීය.
ගාමිණි කුමර තෙම බෝධිසත්වයන් වහන්සේ අවවාදයෙහි පිහිටා ජ්යෙෂ්ඨභාතෘ වූ කුමාර වරුන් සියයකට ලාබාලව සියයක් පමණ භාතෘන් පිරිවරා දවලච්ඡත්රායගේ උතුම් ආසනයෙහි හුන් සේක. තමාගේ අශ්චර්ය සම්පත්තිය බලා මේ මාගේ ආශ්චර්ය සම්පත්තිය අපගේ අචාරින් වහන්සේ සන්තකයි සතුටුව ප්රිති වාක්ය පවත්වන සේක් නුවණැත්තවුන්ගේ අවවාදයෙහි සිට තුරිත ලොව උපාය කලේය. කර්මාණ්තයෙනි ප්රයුක්තයන්ට පාර්තිත වූ ප්රයොජනයෙහි ආසාව සමෘද්ධ වේමය ධානාර්ථ ප්රියවචන සමානාත්ම යැයි කියන ලද බ්රහ්මචාරියාව මූලික වූ සමාපත්තීත් ද මුහුකුරා සිටි බැවින් පරිපක්ඛවම බ්රහ්මචාර්යාව ඇතිවීම ගාමණි කුමාරයා මෙසේ දැනගනුවයි කියා තමන් සර්වජන ප්යෙෂ්ඨ බැවින් ආත්ම ප්රිතිය කොට තමන්ට ආමන්ත්රණය කොටආචාරීන් වහන්සේ නිසා බෑයන් සියයක් ඉක්මවා මේ මහා රාජ්යයට පැමිණියෙමියි ප්රිතී වාක්ය පැවැත්වූ සේක. ගාමිණි කුමාරයන් රාජ්යයට පැමිණි සත් අට දවසක් ඇවැමෙන් සියළු භූතෘ වූ කුමාර වරුහු තමන් වසන තැනට ගියාහුය. ගාමිණි වහරජ තෙම දැහැමින් රාජ්ය කොට කම් වූ පරිද්දෙන් මිය පරලොව ගියේය. බෝධි සත්වයානන් වහන්සේද ධානාදී ව පින් කම් කොට කම් වූ පරිද්දෙන් මියපරලොව ගියසේක. ශාස්තෘ වූ බුදු රාජානන් වහන්සේම මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා වදාරා චතුස්සත්යය ප්රකාශ කොට වදාල සේක. චතුස්සත්යයයාගේ අවසානයෙහි පසුබට වීර්ය ඇති භික්ෂූන් වහන්සේ අරහත් ඵලයෙහි පිහිටි සේක. අතීත කතාව හා වර්ථමාන කථාව ගෙනහැර දක්වා වදාරා පූර්වා සන්ධි ගලපා මේ ගාමිණි ජාතකය නිමවා වදාල සේක.
—————