Pace a tutti coloro che entrano qui....


දඹදිව බුදුසමය ආලෝකවත් කළ සිංහල වීරයා ---- අනගාරිකධර්මපාලතුමා

12.11.2012 15:03

 

 

මිගදායේ ඇසල සදේ රැස් විහිදෙනවා
මුවපොව්වන් නෙත් විදහා බලා සිටිනවා
ගස් වැල්වල මල් පිපිලා සුවඳ හමනවා
යළිත් වරක් තුන් ලෝකෙට දහම් ඇසෙනවා
 
අහස් තලේ දෙව් විමනේ දෙවියෝ එනවා
බරණැස ඉසිපතනේ දැන් එළි විහිදෙනවා
නමස්කාර දී දෙවියන් දහම් අසනවා
යලිත් වරක් තුන් ලෝකෙට නිවන ලැබෙනවා
 
මිග්දායේ ගස් අතරේ රෑ සඳ පානේ
පස්වග තවුසන් සිටියා ඒ එළිමහනේ
සමිඳුගෙ මුවඟින් එන බණ පදයක් ගානේ
අසා සිටිනු හැර ලොව වෙන සැපතක් නෑනේ
 
බෝධිසත්ව ගුණෝපේත අනගාරික චරිතයෙන් බිඳක් නොලියා ලියනසටහන කුමකට දැයි මට සිතේ. ඔබ 
එතුමා ගැන දැනගත යුතුමය.
 
අද අපිට වැදපුදා ගන්නට ඉන්දියාවේ මේ පින් බිම් ඉතිරි වූයේ එතුමාට පින්අත්වෙන්නටයි. එ පමණක් 
නොවෙයි ඉන්දියාවට ද බෞද්ධ ඉතිහාසයකනටඹුන් ඉතිරිවී තිබෙන්නේ මෙ තුමා ගේ අප්‍රහිත ධෛර්‍යය 
නිසාය.
 
මේ අතර තව කිහිප දෙනෙකුටම පින් පෙත් දිය යුතුයි. ඒ ඉංග්‍රීසි ජාතිකපුරා විද්යාඥ ජෙනරාල් කනිංහැම් 
තුමා, චීන ජාතික හියුං සාන් භික්ෂූණ්වහන්සේ, පාහියන් තුමා වැනි දේශාඨනයේ යෙදුන භික්ෂූන්
වහන්සේලා ද, කේ.එම්. ශ්‍රී වාස්තව වැනි ඉන්දීය පුරා විද්‍යාඥයින් ට ද අප පින් පෙත් දිය යුතු යැයි මට සිතේ.
ඒ මන්ද ඔවුන් නොවන්නට අපට වඳින්නට පුදන්නට දෙයක් ඉතිරි නොවනු ඇත. අද ඉන්දීයරජය මහා
උජාරුවට බෝඩ් ගසා මේ පුද බිම් වල අයිතිය සංරක්ෂණය කලත් මේ උදාර පුද්ගලයන් නොවන්නට අපට
ඉතිරි වන්නේ වල් බිහි වී ගිය කැලෑවන් ය.
බෞද්ධයෙක්‌, බෞද්ධ භික්‍ෂුවක්‌ නැති තරමටම දඹදිව බුදුසසුන අසරණ වීවසර අට සියයකට පසුව 1891 
දී ලංකාවේ ධනවත් පවුලක උපත ලැබූඑවක දොන් ඩේවිඩ් හේවාවිතාරණ නමින් හැඳින් වූ බෞද්ධ තරුණයා 
දඹදිවවන්දනාව සඳහා පැමිණියේය.
එඩ්වින් ආර්නෝල්ඩ් ලියූ 'ආසියාවේ ආලෝකය' කියවා ඇමරිකන් ජාතිකහෙන්රි ඕල්කට්‌ මැතිතුමා දඹදිව 
බෞද්ධ සිද්ධස්‌ථාන දැක ශ්‍රී ලංකාවේ කළදේශන අසා කම්පාවට පත්ව ඔහු දඹදිව වන්දනාවට මුලින්ම
පැමිණ ඇත්තේබරණැස ඉසිපතන මිගදායටය.
බරණැස දුම්රියෙන් බැස මහායටිගාලින් යන විට ගල්කණු  පිරුණු කරත්තදහයක්‌ බරණැස නගරය පැත්තට
යන ආකාරයත් හිස්‌ කරත්ත කීපයක්‌නගරයෙන් ඉසිපතනයට එන ආකාරයත් හේවාවිතාරණ තරුණයා
දුටුවේය.ඔහු ඒ කරත්තකරුවන්ගෙන් මේ ගැන විමසූවිට ඔවුන් පවසා ඇත්තේ තමතමන් ගෙවල්වල 
අත්තිවාරම් දැමීම සඳහා මේ ගල් ගෙන යන බවයි.කරත්තවලට සමීපව බලන විට දකින්නට ලැබී ඇත්තේ 
විහාරයේ කැටයම්කණු සහ පිළිම වහන්සේලාගේ කඩා බිඳ දැමූ කොටස්‌ය. ඉසිපතනයටළඟාවන විට රාත්‍රි වූ 
නිසා දොන් ඩේවිඩ් හේවාවිතාරණ තරුණයා පළමු රැයගතකර ඇත්තේ වර්තමාන ජෛන පන්සල අසල 
තිබුණු නුග ගසකබෙනයකය.
 
මහා වනාන්තරයෙන් යටව තිබුණ ඉසිපතන මිගදායේ දකින්නට තිබුණේධම්මික ස්‌තූපය පමණි.
 
ලෝකයට ධර්ම චක්‍ෂුෂය, ඤාණ චක්‍ෂුෂය. විද්‍යා චක්‍ෂුෂය පහළ වූ මේ මහා පිංබිමේ දකින්නට ලැබුණු දුක්‌බර
කනගාටු අනුවේදනීය ආකාරය දැකකම්පාවට පත් වී දෙවැනි ගමන පැමිණ ඇත්තේ සිදුහත් මහබෝසතාණන්
වහන්සේ බුද්ධත්වය අවබෝධ කරගත් බුද්ධගයා පිං  බිමටයි.
 
බුද්ධගයාවේ දකින්නට ලැබුණේ ඊටත් වඩා වේදනා සහගත දර්ශනයකි.ක්‍රිෂ්ණ දයාල්ගිරි මහන්තා විසින්
බුද්ධගයා මහා විහාරය, වජ්‍රාසනය,ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අත්පත් කරගෙන වජ්‍රාසනය මත වැඩසිටින
පිළිම වහන්සේට රතු රෙදි අන්දවා පොට්‌ටු තබා කඩුක්‌කන් පළඳවා හින්දුදේවතාවකු හැටියට පුද පූජාකළ 
අතර හින්දු ආගමිකයන්ට හැර වෙනකිසිවකුට එහි ඇතුල්වීම පවා තදින්ම තහනම් කර තිබිණි. දොන් 
ඩේවිඩ්හේවාවිතාරණ තරුණයාට ඇති වූ වේදනාව අසීමිතය.
 
කෙසේ හෝ ජය ශ්‍රී මහාබෝධින් වහන්සේ අබියසට ගොස්‌ සතිපට්‌ඨානසූත්‍ර දේශනාව දේශනාකර අධිෂ්ඨාන 
කර ඇත්තේ මගේ ධනය මගේශ්‍රමය, මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම  බුද්ධගයාව  ඇතුළු දඹදිව සියලුම
සිද්ධස්‌ථාන  මිථ්‍යා දෘෂ්ටිකයන්ගෙන් මුදවාගෙන ලෝක බොද්ධයන්ටනිදහසේ වැඳීම පිදීම පිණිස නිදහස්‌ 
කරගන්නා බවයි.   

1891 දී එවකට කොළඹ විෙද්‍යාදය පරිවේණාධිපතිව වැඩ විසූ අතිපූජ්‍යහික්‌කඩුවේ ශ්‍රී සුමංගල දක්‍ෂිණ 
ලංකාවේ ප්‍රධාන සංඝනායක හිමියන්ගේප්‍රධානත්වයෙන් 'බුද්ධගයා මහාබෝධි සමාගම 'ආරම්භ කරන්නට 
යෙදුණි.
 
ඉන්පසුව ශ්‍රී ලංකාවෙන් භික්‍ෂුන් කීපනමක්‌ එක්‌කරගෙන ගොස්‌බුද්ධගයාවේ නතර කර තම සටන ආරම්භ 
කරන්නට හේවාවිතාරණතරුණයා කටයුතු කළේය.
 
එතුමාගේ සටන් පාඨය වූයේ "සිංහලයිනි නැඟිටිව් බුද්ධගයාව බේරාගනිව්"යන්නයි. එතැන් පටන් මුළු 
ලෝකයේම සංචාරය කරමින් තම සටන සාර්ථකකර ගැනීම සඳහා දිවා රාත්‍රි වෙහෙස වී ඔහු කටයුතු කළේය. 
මහන්තා සහමහන්තාගේ මැරපිරිස බ්‍රිතාන්‍ය පාලක පිරිස, සමහර සිංහල නායකයන්,භික්‍ෂුන් යන විවිධ 
වර්ගයේ මහා සතුරන් මැද ධර්මපාලතුමා එදා කළ සටනඅද්විතීය ය.

 පූජා කිරීම, භාවනා කිරීම, බුදුන් වැඳීම ධර්මපාලතුමා ක්‍රමානුකූලව සිදු කළකෙනෙකි. එතුමාගේ ධර්මදූත 
සේවය ආගම ප්‍රචාරය කිරීම සඳහා පමණක්‌නොව දඹදිව දුප්පත් දුගී දරුවන්ට කෙස්‌ කැපීම, දත් පිරිසිදු කිරිම,
නියපොතුපිරිසිදුව තබා ගැනීම, පිරිසිදුව ඇඳුම් ඇඳීම වැනි කටයුතු ගැන සිතා ළමුන්පස්‌දෙනකුගෙන් බරණැස 
ඉසිපතනයේ පුංචි පාසලක්‌ ආරම්භ කර මුළුපළාතේම දුප්පත් දරුවන්ට ඉගැන්වීමට කටයුතු ද ධර්මපාලතුමා
සූදානම්කළේය.
 
එමෙන්ම බුද්ධගයාවේ ද පාසල් පුණ්‍ය බෙහෙත් ශාලා ආදිය බොහෝසෙයින් ආරම්භ කරන්නට කටයුතු 
යොදන ලදී. ලෝකවාසී ජනතාවටසේවය කිරීම එතුමාගේ උදාර අරමුණුවලින් එකකි. 

බුද්ධගයා මහා විහාරය අද මුළුලෝකයාම වැඳපුදා ගන්නේ ධර්මපාලතුමාටපිං සිද්ධවන්නටය.  

බුද්ධගයාවට පමණක්‌ නොව කුසිනාරා, ලුම්බිණි. සැවැත්නුවර, කෝසම්බි,සංකස්‌ස, සාංචි ආදී සියලුම 
දඹදිව සිද්ධස්‌ථානයන් අද ලෝක බෞද්ධයන්වඳින්නේ පුදන්නේ ධර්මපාලතුමාගේ අප්‍රතිහත උත්සාහය 
හේතුවෙනි. 
 
1921 දී ධර්මරාජික විහාරයත්, 1931 දී මූලගන්ධකුටි  විහාරයත් ඉන්දියාවේඉදි කරවන ලදි.

දඹදිව  බෞද්ධ, හින්දු සැම දෙනාම විශ්වාස කරන්නේ අනගාරිකධර්මපාලතුමා නොසිටින්නට දඹදිව 
සිද්ධස්‌ථාන බෞද්ධයන්ට අහිමිවනබවයි. 1920 දී අනගාරික ධර්මපාලතුමා බ්‍රිතාන්‍ය පාලකයන් විසින් 
නිවාසඅඩස්‌සියේ වසර හතක්‌ සිරකර තැබූ අවස්‌ථාවේ ගොඩනඟන ලද ඉන්දියානුමහාබෝධි සමාගමේ
මූලස්‌ථානය වූ ශ්‍රී ධර්මරාජික ෙච්තිය විහාරය අදලෝක උරුමයක්‌ හැටියට නම් කර ඇත.
 
1931 ජූලි 13 වන දින​, බෝරුග්ගමුවේ රේවත මහ තෙරුන් වහන්සේ ආචාර්යත්වයෙහි තබා ගෙන​, සිරි
දේවමිත්ත ධම්මපාල යන පැවිදි නමින්, පැවිදි දිවියට ඇතුළු විය​. සිරි දේවමිත්ත යන්න තම පැවිදි නමට
ඇතුළු කර ගනු ලැබුවේ, හෙයියන්තුඩුවේ හිමියන්ට කෘත ගුණ සැලකීමට ය. කෝදාගොඩ උපසේන නා
හිමිට ගෞරවය පළ කිරීමට​, උන්වහන්සේ ගේ පරණ සිවුරක් තම පරිහරණයට ගෙන්වා ගන්නා ලදි.
 
බුද්ධගයා ප්‍රශ්නය ධර්මපාලතුමාගේ ජීවිත කාලයේ දී නොවිසඳුනි.
1947 ඉන්දීයාව නිදහස් රාජ්‍යයක් වූ අතර බිහාර් ප්‍රාන්ත රාජ්‍යය බුද්ධගයාපාලන ආඥා පනත් සම්මත කර 
එමගින් හින්දුන් සතර දෙනෙක් ද,බෞද්ධයන් සතර දෙනෙක් ද සහිත ගයා දිස්ත්‍රික්කයේ ආදායම් පාලක
(Gaya Collector)  සභාපති වශයෙන් නිර්මාණය කර එම ආඥා පනත1948 සිට මේ දක්වා ක්‍රියාත්මක වේ.
බෝධිගයා මහා නඩුව යන නමින්ප්‍රකට වූ දීර්ඝ නඩු විභාගය 1906 දී අවසන් වූයේ ධර්මපාලතුමා 
පරාජයටපත් කරමිනි. ඉන් අධෛර් ය නොවූ ඔහු බුද්ධගයාව බෞද්ධයන් සතු කරගැනීමේ සටන අඛණ්ඩව
ම ඉදිරියට ගෙන ගියේ ය​ ඔහු ගේ අභාවයෙන් පසුව​, බෞද්ධ හින්දු දෙ පාර්ශ්වයෙන් ම හතර දෙනාබැගින් 
නියෝජනය වන කමිටුවකින් බුද්ධගයාව පාලනය විය යුතු බවටනියම වෙමින් 1949 දී බුද්ධගයා පනත 
සම්මත විය​. 
සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව වසර 800 ක පමණ කාලයක්‌ ඉන්දියාවේබෞද්ධයන්ට අහිමිව තිබූ බෞද්ධ
සිද්ධස්‌ථාන යළිත් බෞද්ධයන්ගේඋරුමයට නතුකර දෙමින්ද  බුදු දහම ලෝක පූජිත කිරීම අරභයාදිවිහිමියෙන්
කටයුතු කරමින්ද වසර 56 ක තරම් කාලයක්‌ ජාත්‍යන්තරශාසනික උත්තම මෙහෙවරක්‌ ඉටු කළ බෝධිසත්ව
ගුණෝපේත අනගාරික ධර්මපාලතුමා 1933 අප්‍රේල් මස 29 දා බරණැස සාරානාත්හිදී නව මූලගන්ධ කුටි
විහාරය දෙසම දෙනෙත් හෙලා එළඹගත් සිහියෙන් යුක්‌තවඅපවත් වූහ. 
 
එවන් යුග පුරුෂයන් විසින් ඉතාමත් කැපවීමෙන් ආරක්‌ෂා කළ සම්බුදුශාසනය සිය පන මෙන් රකිමින් එහි චිර
ජීවනය උදෙසා කැපවීම තරම්අගනා උපහාරයක්‌ තවත් මෙ දියත අපට තිබිය නොහැකිය.
 
ශ්රී දේහය ආදාහනය සාරානාත්හි සිදු කරන ලදී.  භෂ්මාවශේෂවලින්කොටසක් බරණැස ඉසිපතනාරාමයේ 
තැන්පත් කරන ලදි. ඉතිරි කොටසලංකාවට වැඩම කරවන ලදි.
 
මූල ගණ්ධ කුටි විහාරය
තථාගථයන් වහන්සේ පළමු වස් කාලය වැඩ සිටියේ බරණැස ඉසිපතනයේය. යස කුල පුතුගේ දෙමාපියන් 
ගස්වල කොළ පරණ තණ කොල ආදියඋපයෝගී කරගෙන සාදන ලද මුල්ම කුටියේ පළමු වස් කාලය
බුදුන්වහන්සේ ගත කලා. ධර්මාශෝක රජ තුමා විසින් මේ කුටිය විශාල කොටමූල ගණ්ධ කුටි විහාරය කරවූහ.
අද මේ විහාරයේ නටඹුන් ඔබට දැකියහැකිය. විශාල කුළුණු ලෙස කොටසක් ඇත. මෙහි අදත් සියල්ලෝම
පුද පූජාපවත්වති.
 
නව මූලගන්ධ කුටි විහාරය:-
මහා බෝධි සමාගමේ සමාරම්භක බෝධිසත්ව ගුනෝපේත අනගාරිකධර්මපාල තුමාගේ ජීවිත ගමනේ 
සැබෑවූ සිහිනය නව මූලගන්ධ කුටි විහාරයයි.
 
පුරා විද්‍යා කැනීම් වලින් මතු කරගත් සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත්කිරීමට මේ විහාරය සාදවන ලදී.
1931 නොවැම්බර් 11 දා සාදා නිමකරකාර්තික් පූර්ණිමා දිනයේදී විවෘත කරන ලදී. සෑම වසරකම අලි 
ඇතුන්සහිත පෙරහැරකින් වීදි සංචාරය කර යලි පෙර සේම තිබුන ලෙස ධාතුකරඬුව තැන්පත් කරනු ලැබේ. 
මේ ධාතු කරඬුව ඉතාම ආරක්ෂා සහිතව තබාඇත. එය විවෘත කිරීමට ඉන්දීය මහා බෝධී සමාගමේ ලේකම්
හිමියන්ගේත්, භාණ්ඩාගාරික තුමාගේත්, සාරානාථ මහා බෝධි මධ්‍යස්ථානාධිපතිහිමියන් ගේත් සහාභාගිත්වය 
අනිවාර්‍යය වේ.

සාරානාථ මහා බෝධි සමාගමේ වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලා සෑම දවසකම නොවරදවාම සන්ධ්‍යා
කාලයේ 7.00 ට මූලගන්ධ කුටි විහාරයේ ධම්මචක්ක පවත්වන සූත්‍රය දේශණා කරනු ලැබේ. මේ අසිරිමත්
දේශනාව ට ඔබ සවන් දෙන්න. එය ඔබට මේ ජීවිතයේ ලැබෙන භාග්‍යම සම්පන්න මොහොතක් වනු ඇත.
සියළු දෙනා එකම හඬින් දම්සක් සූත්‍රය කියන විට ලැබෙන සැනසුම! සිත සිතා ප්‍රීතී වෙමි.
 
සාරනාත් බුදුපිළිමය:- 
චුනාර් නමි ගල් විශේෂයකින ගුප්ත යුගයේ කල  නිර්මාණයක්. රැස්වළල්ලලස්සන කැටයමි වලින් යුක්තයි 
යට කොටසෙ පස්වග මහණුන් පිරිත් නුලඅතේ රදවාගෙන ඉන්න ආකාරයක් නිර්මාණය කරල තියෙනව. 
දෙනෙත්අඩවන්වි තොල්දෙක තෙත් ගතියෙන් යුක්තව ධම්ම චක්ක සුත්රය දේශනාකරන ආකාරය පෙන්නුම් 
කරනව. තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ ඇගටඇලුණ  සිවුරයි.  කොපමණ වේලාවක් එම පිළිම වහන්සේ 
දෙස බලා සිටියදසෑහීමකට පත්විය නොහැකි බවක් මට හැගේ. එය ඉතාම රමණීය වූ රන්පිළිම වහන්සේ 
නමකි.  විහාරයේ මනරම් බුදු පිළිමයත් සමඟම  දර්ශණීයචිත්ර කර්මත් ඔබ නෙත් සිත් පැහැර  ගනීවී.  ජපන් 
ජාතික කොට්සුනෝසුනම් ලෝක ප්රසිද්ධ චිත්ර ශිල්පියා විසින් ස්වභාවික ගල්කුඩු, මල් , කොළ,පොතු 
ආදියෙහි වර්ණ සංකලනයෙන් ඉතාම සෞම්ය වර්ණ භාවිතයෙන්බුද්ධ චරිතයේ වැදගත් සිද්ධි නිරූපණය 
වෙන ලෙස අඳිනා ලද සිතුවම් ඉතාමඅලංකාර ය.
 
ඉසිපතන මිග දායේ සම්පූර්ණ භූමි භාගය අක්කර 900ක් පමණ වේ. .දෙසැටක් මිත්‍යාදෘශ්ඨික ආගම් අතර 63
වන ආගම ලෙස ඉන්දියාවෙබෞද්ධ ආගම ඇති වූ බව කියවේ.
සාරානාත් කෞතුකාගාරයේ සාරානාත් කෞතුගාරයේ සිංහ මුහුණු තුනක්සහිත අශෝක ස්තම්භය ද , ශිලා 
ලේඛණය ද සුරක්ෂිතව ඇත.  මුල්සාරානාත් බුදුපිළිම වහන්සේත්,  ශිව , පාර්වතී, විෂ්ණු ආදී හින්දු
ප්‍රතිමාත්මෙහි තැන්පත් කර තිබේ. බොහොමයක් බෞද්ධ මෙන්ම හින්දු ශිෂ්ඨාචාරනටඹුන් මෙහි දැකිය 
හැකිය. පැරණි වළං, සත්ව රූප, ආභරණ, පබළු ඇටආදී බොහෝ දේ සංරක්ෂිතව ඇත. ජෙනරාල් කනිං 
හැම් තුමා සොයා ගත්පුරා විද්‍යා වස්තු මෙහි තැන්පත් කර ඇත.
 
ඔබ දන්නවාද ඉසිපතන මිගදාය " අවිජහිත " පුණ්‍ය භූමියක් බව. ඒ කියන්නෙ ලොව පහළ වෙන  සෑම
බුදුවරයෙක්ම අත් නොහරින භූමියක් කියන එකයි. මේ තාක් ලොව පහළවූ හා පහළවෙන්නාවූ සෑම බුදු
වරයෙක්ම ස්පර්ෂ කරන්නාවු සුවිශේෂ ස්ථාන හතරක් තියෙනවා. 
ඒ නම් 1. බුද්ධගයාව 2. ඉසිපතනය 3. සැවැත් නුවර 4. සංකස්සපුරය යයි. ඉතින් මේ ඉසිපතනය
"අවිජහිත භූමියක් "නිසා සුවිශේෂයි.
 
ඉසිපතන මිගදාය වන්දනා ගාථාව.
 
සං කම්පයං දස සහස්සිය ලෝක ධාතුං
දේසේසි යත්‍ර භගවා වර ධම්ම චක්කං
බාරාණසී පුර සමීප වනේ මිගානං
තං ධම්ම චේතිය මහං සිරසා නමාමී
 
බුදුරජාණන් වහන්සේ යම් තැනක වැඩ හිඳ දස දහසක් ලෝක ධාතුව කම්පාකරමින් උතුම් වූ දම්සක් 
පැවතුම් සූත්‍රය දේශනා කළ සේක් ද බරණැස්නුවර සමීපයේ මිගදාය උයනෙහි ඉසිපතනාරාමයෙහි 
ඇති ඒ ධර්ම චෛත්‍යයමම සිරසින් නමස්කාර කරමි.

ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා ලක්දිව බුදු සසුන පිහිටුවා වදාල පසුවලංකාවට රැගෙන ආ ජය ශ්‍රී මහා
බෝධි ශාඛාව සිහිවීම සඳහාත් , දඹදිවින්ගත් ණය ආපසු ගෙවීමක් ලෙසත් සලකා අනුරාධපුර ජය ශ්‍රී 
මහා බෝධිශාඛාවක් 1931 නොවැම්බර් 11 වනදා රෝපණය කරන ලදී. එකී බෝධීන්වහන්සේ ද පුද 
සත්කාර ලබමින් එහි වැඩ වෙසෙති.

*** අද 2012 නොවැම්බර් 11 වන දිනම මෙම සටහන මට තබන්නට සිදු වීම දෛවයේ හාස්කමක් දැයි මට
සිතේ.අදට මේ මූලගන්ධ කුටි විහාරය තනවා අවුරුදු අසූ එකක් පිරේ.   සාදූ!   සාදූ!!   සාදූ!!!
  
මෛත්‍රී බුද්ධ විහාරය යෙහි තනි සුදු ගලෙන් නෙළු ගෞතම හා මෛත්‍රීබුද්ධ ප්‍රතිමා දෙකක්  ඇත.
 සිරි දේවමිත්ත හිමියන් අවසන් කාලය ගත කල ස්ථානය මෙයයි. මෙහිදීඅපට පැලවත්තේ සීවලී හිමියන්
 විසින් (මහා බෝධි භාරකාර මණ්ඩලයේලේඛකාධිකාරී ) ධර්ම දේශනාවක් කරන ලදී.

අද මෙහි මහාබොධි සමාගමේ වැඩ වාසය කරන ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලා ගෙන් සිදුවන මෙහෙය
කියා නිම කල නොහැක. උන්වහන්සේලා බොහෝ දුක්, කරදර ,පීඩා විඳිමින් අප උදෙසා විශාල කාර්යය
භාරයක් ඉටුකරති. අප හට ඒ ස්ථාන වල වැදගත් කම කියා දීම ද , දානාමාන ආදිය ඉටුකර ගැනීම සඳහා
අවශ්‍යය කටයුතු සම්පාදනය ද , සෙත් පිරිත් සජ්ඣායනා  කිරීම ද බොහෝ ඕනෑ කමින් සොයා බලා කටයුතු
කරයි. ඒ ස්වාමීන් වහන්සේලා පතනා බෝධියකින් උතුම් නිර්වාණයම සාක්ෂාත් වේවා!යි ඉත සිතින්ම පතමි. 
 
පහත මාලයෙහි සාරානාථ මහා බෝධි සමාගම් කාර්‍යාලය හා ශ්‍රීමත්අනගාරික ධර්මපාල තුමාගේ 
කෞතුකාගාරය පිහිටා ඇත.
  
   



ඉසිපතන මිගදායේ දිනය නිමා වූයේ දම්සක් පැවතුම් සූත්‍රය 
සජ්ඣායනා කිරීමෙන් පසුවය. මේ සුන්දර දිනය ජීවිතයේ  මා මිය යන තෙක් සදා මතකයේ රැඳේවා!
මගේ සිතට දැනුන දේ කවියට නැගූවෙමි.
 
උදෑසනම හිරු එළියේ
මිගදායට අපි ආවා
සාදු සාදු සාදු කියා
බුදු පෙරහැර පේළි සදා
 
පස්වග මහණුන් උදෙසා
දෙසූ දහම් පද සිහිවී
නෙතු කඳුළින් පිරී ගියා
අප සිටියේ කොහිද කියා
 
බුදු හිමි පා පහස ලබා
තිබු මේ පින් බිම මහිමේ
පය තබනා හැම මොහොතෙම
දෙපා මගේ සිසිල් කලා
 
දම්සක් සුතුරේ බලයෙන්
නිදුක් නිරෝගී වේවා
යනෙනා සැම මේ දඹදිව
නිති දෙවියන් රැක දේවා
 

 

—————

Indietro