Pace a tutti coloro che entrano qui....
පුනාරාගමනයකළයුතු” ආගමනය“
03.08.2012 12:02ශ්‍රී බුද්ධ වර්ෂයෙන් වසර 2320ට පෙර එනම් බුද්ධ වර්ෂ 236 වැන්නේදී ඒ අසිරිමත් වූද අර්ථාන්විත වූද ඓතිහාසිකවූද ආගමනය මහින්දාගමනය ලෙසින් මිස්සක පව්වෙන් සනිටුහන් විය. ඓතිහාසිකවූත් පෞඩවූත් සභ්‍යවූත් ජාතියක අනන්‍යතාවය මේ විශ්වය මත තහවුරු කළ ඒ ශ්‍රේෂ්ඨ ආගමනයේ අරමුණු ඉලක්ක හා වත්මන් සිංහල දේශයේත් සිංහල ජාතියේත් සම්බුද්ධ ශාසනයේත් දිශානතිය යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කොට මහින්දාගමනයෙන් ලද අනන්‍යතාවයන් පුනාරාගමනය කිරීමට අවැසිම හා සුදුසුම කාලයයි මේ. මන්ද සියලුම භෞතික අයිතීන් මෙන්ම ගුණ ණැන ආදියද සෑම ආකාරයකින්ම පිරිහෙමින් පවතී. බුදු දහම විනාශ කරන්නට අද පෙරට ඇවිත් ඇත්තේ බහුතර වශයෙන්ම උප්පැන්නයට බෞද්ධ වූවන්ය. එනිසාම තත්ත්වය භායනක වී ඇත. මිත්‍ර වේශය හා සතුරු වේශය වෙන් කොට දැකීම පවා අපහසු වී ඇත. මෙවන් සියලු තත්වයන් මත නියමයෙන් හා අනියමෙන් විනාශ වී යන්නේ ලෝකයේ තවත් බෞද්ධ රටකි. ලෝකයේ එකම සිංහල රටයි. මේ සියල්ල මොන අන්දමින් හඩ ගා කිව්වත් බීරි අලින්ට වීනා වයන්නාක් මෙන් වී ඇත. හුදු දේශපාලනික බලය රැක ගැනීම හා ඒ වටා ගොනු වී ඇති අන්තේවාසිකයන්ගේ සුඛ විහරණය සඳහා පමණක් කටයුතු කරන වගකිව යුත්තන් හා බලධාරීන් ටිකෙන් ටික රට උගසට තබ සියදිවි නසාගන්නේ පහන් දැල්ලට ගිජු වූ පළඟැටියෙකු එයට පැන දිවි තොරකර ගන්නාක් මෙනි. ගිලෙන්න යන මිනිහාට පිදුරු ගහත් ගහක් මෙන් පෙනෙන්නා සේ දවසක උන් ඔක්කෝටම තම තමන් සෘජුව හා වක්‍රව කළ විනාශයන් විඳවන්නට වේවි. හැබයි ඒ වන විට පෙරහැර ගිය මගක්වත් දකින්නට නොලැබෙනු ඇත. ශ්‍රී ලංකාද්වීපය හුදෙක්ම ලෝකයේ පවතින සුවදායි මනරම් දිවයිනක් පමණක් නොව එය තුන් ලොවෙහි ම ශේෂ්ඨතම පුද්ගලයා වන සම්මා සම්බුදුන්ගේ පහස ලද ශ්‍රේෂ්ඨ පුණ්‍ය භූමියකි. එසේ පහස ලැබ නැණ ගුණයෙන් පිරි සත් පුරුෂ දනන් ද දස දෙස ජීවත් වූ භූමියකි. වර්තමානය එසේ නොවුනද අතීතය පිළිබඳව සාභිමානයෙන් යුතුව කතා කිරීමට හැකි පෞඪ ඉතිහාසයක් අපට හිමි වී තිබුණි. එම ඉතිහාසය පෞඪ වූයේ බුදු දහමේ පූර්ණ ආභාෂයෙන් පෝෂණය ලැබ නැණ ගුණයෙන් පිරිපුන් සත් දනන් විසින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සභ්‍ය වූ සංස්කෘතියක් ගොඩ නැගීම නිසාවෙනි. එම ශ්‍රේෂ්ඨ ක්‍රියාදාමයන් වදන් හරඹයන් ඔස්සේ අප ප්‍රකාශ කළ ද සැබවින් ම එය අති උත්කර්ෂවත් ක්රියාදාමයකි. විශේෂයෙන් ම රටක්, ජාතියක් ලෙස ලෝකය ම විශ්ව ගම්මානයක් වූ අද දවසේදී ද උදම් අනන්නේ එම ප්‍රෙෘඪ ඉතිහාසයේ සෙවනැලි පහස විඳිමිනි. අද මෙම සැබෑව සියල්ලට අමතක වෙමින් පවතී එනිසා බුදුදහමට නිසි තැන හා හිමිතැන නොදෙමින් සර්වාගමික පූට්ටුවක් සමාජගත කරමින් එහි වාසියද අන්‍යාගමිකයන්ට ලබා දෙමින් කටයුතු කරති. මහින්දාගමනයෙන් ලද ශ්‍රේෂ්ඨත්වයේ අක් මුල් සිඳලන භයානකම මායාව බවට මේ වන විට මිත්‍යාදෘෂ්ටික සර්වාගමික සංකල්පය පත්ව ඇත.
භෞතික මානයන් ඔස්සේ සංවර්ධිතයැයි පවසන ලෝකය තුළදී අප අපේ අනන්‍යතාව ලෝකයා හමුවේ අදටත් පිළිබිඹු කරවන්නේ පෙර දැක්වූ පරිදි බුදු සමය ආශ්රයෙන් ගොඩ නැගුණ උදාර සංස්කෘතියේ මහඟු දායාදයන්ගෙනි. අද වන විට නවීන ආකාරයට සරිලන අන්දමින් වෙනස් වී ඇතත් එදා මහින්දාගමනයෙන් ලද මහඟු ඵලයක් වූ අටලොස් කුලයන්ගේ සංවර්ධනීය අවස්ථාවක් විද්‍යසාන වනවා මිස සිදුව ඇති පරිවර්ථනයක් නොමැත. මේ බව සියුම්ව පරික්ෂාකර බැලීමෙන් මනාව තහවුරු වන්නකි. ‛‛ බලත්ත කුලය ල උයන්පල් කුලයල කුලිංග කුලයල මල්කරු කුලයල කපු කුලයල ඔසද වටු කුලයල සත් කරු කුලයල සරස් කුලයල පෙරහැර කුලයල තුනා කුලයල කුඹුල් කුලයල අරක්කැමි කුලයල කුඹුරු කුලයල ලෝකුරු කුලයල සුවණ්නකාර කුලයල වඩු කුලයල සිත්තරු කුලයල දෙව් කුලය ’’ මේ එම අටලොස් කුලයන්ය. මෙයින් අපට සපථ වන්නේ බුදු දහමින් තොරව මේ දෙරණේ කිසිදු දෙයක් නිම වී නොමැති බවයි. මහින්දාගමනයෙන් එලෙසින් තහවරු වූ නව දේශයක ආරම්භය අද වන විට උගසට තබා මුල අමතක කර දමා ඇත. එය එසේ නොවේ නම් දඹුල්ල පුදබිම අලුත්ම බිල්ල වී මුස්ලිම් අන්තවාදීන් අතින් දූෂණය නොවන්නට ඉඩ තිබිණ.
වර්තමානය වන විට ලහි ලහියේ ම ශ්‍රී ලාංකික ජාතියක් ගොඩ නැගීමට වෙර දරන විධායකයේ සිට පහළට දිවෙන කවුරුත් පාහේ තරයේ සිහියේ තබාගත යුතු එක් සත්‍යයක් ඇත. ඔබ මේ විනාශකර දමන්නට යත්න දරන්නේ මෙරට තුළ උදාර සංස්කෘතියක් නිර්මාණය කිරීමේ පෙර ගමන්කරු වූ අනුබුදු මහා මහින්ද මහ රහතන් වහන්සේගේ උදාර ආගමනයේ ඓතිහාසිකත්වය හා යතාර්ථය බවයි. එය එසේ සිහියේ තබාගැනීමේ වැදගත්කම වන්නේ අතීතය නොතකා නැගී සිටීමට වෙර දරන්නවුන්ට ලෝක ධර්මය තුළදී යළි යළි පසුබෑම්වලට ලක් වන්නට සිදුවන බව අතීතය විසින් ම තහවුරු කර දී ඇති නිසාවෙනි. මෙරට සිංහල බෞද්ධ පදනම හේතුවෙන් රටක් ජාතියක් ලෙස අතීතයේදී ද අප සෑම විටම ආරක්ෂා කර දී ඇත. අනාගතයේදී ද එය එසේ ම සිදුවන බවට අමුතුවෙන් පැවසිය යුතු නොවන්නේය. මන්ද මෙරට සිංහල බෞද්ධ පදනම පිළිගැනීම නිවටකමක් සේ සලකන පරාදීන මිනිසුන්ට කීමට ඇත්තේ ඔවුන්ගේ ස්වාධීන බව හැකිනම් ඇමරිකාවට ගොස් පෙන්වන බවයි. මන්ද අපේ රටේ තරම් ලෝකයේ වෙන කොහේදී නම් අන්‍ය ජාතිකයන්ට අන්‍යාගමිකයන්ට මේ තරම් සහනශීලිත්වයක් ලැබේද? මේ තරම් දියුණු යුගයක, මේ තරම් ප්රජාතන්ත්රවාදය , මේ තරම් මානව හිමිකම් කතාකරන යුගයක පවා අන් කිසිදු තැනක නොමැති නිදසහක් අන් අයට මෙහි ඇත. සමස්තයක් ලෙස සුළුතරය විසින් නිරන්තරයෙන් මහජාතියට හානි පැමුණුවා මිස සුළුතරයට හානී සිදු වී නොමැත. ඒ සභ්‍යත්වය නිරායාසයෙන් බෞද්ධයාට හිමිව ඇත්තේ බුදු දහමෙන් ලැබෙන ශික්ෂණයත් සමගය. නමුත් අද සිදුවෙන සැබෑව නම් බෞද්ධයාගේ ශික්ෂණයට අභියෝග කරමින් දිනෙන් දින එය හෑල්ලු කිරීමයි. පිටස්තරයන් සේම අපේම යැයි කියන්නවුන්ද එසේ හෑල්ලු කරති.
ලෝක පොලිස්කාරයා ලෙස සලකන ඇමරිකාව ලෝකය දෙස බලන්නේ බහු ජාතික, බහු ආගමික අනුකම්පාවකින් නොව, ඒ බව ප්රබලව ම තහවුරු වන එක් අවස්ථාවක් පමණක් අපි මෙහිදී දක්වමු. ඇමරිකානු ජනාධිපතිවරයා එරට ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන විට දිවුරුම් දෙන්නේ බයිබලය මත දිවුරාය. එයට අප අපහාස නොකරමු. ඔවුනට හැකිනම් ඔවුන්ගේ අනන්‍යතාව එසේ ප්‍රකට කරන්නට, අපිට එහිදී ඇති තහනම කුමක් ද? සිංහල බෞද්ධයෝ එහි වාසය කරන පමණින් එහි සිංහල බෞද්ධ රාජ්‍යයක් කිසිසේත් නිර්මාණය කළ නොහැක. අප එහි යන්නේ නම් අකමැත්තෙන් වුව ද ඔවුන්ගේ මූලික අයිතියට ගරු කරමින් වාසය කළ යුතුය. එහි පමණක් නොව ලෝකයේ කුමන රටක වුව ද තත්ත්වය එසේය. එනිසා මෙරට තව දුරටත් සිංහල බෞද්ධ රාජ්‍යයක් මිසක් ශ්‍රී ලාංකික ජාතියක් නොවන බව අපගේ දැඩි හැඟීමයි. එය එසේයෑයි පිළිගැනීමට අකමැති බටහිරගැති නූතන ක්රිස්තියානිවාදයට උඩ ගෙඩි දෙන පිරිස් ඉතිහාසය අමු අමුවේ ම විකෘති කරමින් මහින්දාගමනයෙන් ගොඩ නැගුණ මෙරට අදීන ඉතිහාසය නොපිළි ගැනීම පමණක් නොව මෙරටට සුඛාගමනයක් වූ මහින්දාගමනය ද බලහත්කාරකමක් ලෙස හූවා දැක්වීමට යත්න දරති. මෙය කෙටිකාලීන වූ ක්‍රියාදාමයක් නොව ඉතා සියුම් ලෙස දශක ගණනාවක් තිස්සේ දරන ලද නින්දිත උත්සාහයක ප්රතිඵලයකි. මෙරටින් සිංහල බෞද්ධකම සමූලඝාතනය කිරීමට නොයෙක් වේශයන්ගෙන් උත්සාහ කළවුන් එය එසේ කිරීමට අපහසු වූ තැන ඒ සඳහා නොයෙක් සියුම් කූට උපක්රමයන් භාවිතා කරති. මහා වෘක්ෂයක අතු කොළ සිඳ එය වනසාලිය නොහැකි තැනදී එහි මුදුන් මූල සොයා එය නසාලීමට දරන නින්දිත උත්සාහයක් ලෙස ද මෙය අවිවාදයෙන් ම සැලකිය හැක.
මෙම සංස්කෘතික විනාශයේ විද්‍යමාන මූලාරම්භය සනිටුහන් වනුයේ 16 වැනි සියවසයේ පටන්ය. එනම් ක්‍රි.ව. 1505 දී ප්‍රථම වතාවට පෘතුගීසීන් ලංකාවට පැමිණීමෙනි. ඔවුන් එසේ පැමිණෙද්දී රෝමානු කතෝලික ආගම ද රැගෙන ආවේය. ලක්දිව ජනයා වෙනත් ආගමකට බලහත්කාරයෙන්, වරප්‍රසාද ලබාදීමෙන්, සදාචාර විරෝධීව හැරවීම ආරම්භ කරන ලද්දේ පෘතුගීසින් විසිනි. බෞද්ධ ජනතාවගේ ආගමික නිදහස උදුරාගත් පළමු සතුරු කොටස ලෙස පරංගින් ඉතිහාසයේ ලියෑවී ඇත. ඔවුන් මෙරටට පැමිණි විලාසය හා සිදු කරන ලද ආගමික විනාශය පිළිබඳව කරුණු දක්වන බෞද්ධ තොරතුරු පරීක්ෂක සභාව ඒ අඳුරු යුගයේ ආරම්භය මෙසේ සනිටුහන් කර ඇත. (1956) “ඔවුන් ඉන්දියන් සාගරයේ විද්‍යමාන වූයේ වෙළෙන්දන්, ධර්ම දූතයන්, මූදු කොල්ලකරුවන් යන ත්‍රිත්ව ස්වරූපයෙනි. ඔවුන්ට නියමව තිබුණේ ආගම දේශනාවෙන් පටන්ගන්නටත් එයින් වැඩක් සිදු නොවූ තැන කඩුවෙන් තීන්දුව දෙන්නටත්ය”.
පරංගි පාලනය අවසන් වූ 1658 න් පසුව නැවත පරංගි බලය මෙරට ස්ථාපිත කිරීමේ ආගමික වැදගත්කම තේරුම්ගත් පරංගි පූජකයන් විසින් ලියන ලද කේරොස්ගේ ෆර්නා ඕ ඩික්කේරෝස්ගේ :ඔයැ ඔැපචදර්ක (The Temporal & Spiritïl ntestfo Ceylon) ග්‍රන්ථයේ පෘතුගීසි පාලකයන් ආගම පැතිරවීමටත් බලය පැතිරවීමටත් සිංහල බෞද්ධයන්ට කළ අති අමානුෂික වදහිංසා විස්තර කොට ඇත.
—————