Pace a tutti coloro che entrano qui....
ශී‍්‍ර දළදා මාලිගාව
12.11.2012 09:58මහනුවර ඓතිහාසික ශ‍්‍රී‍්‍ර දළදා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුයේ පළමු වෙනි විමලධර්මසූරිය (1592 - 1604) රජතුමා විසිනි. එතුමා ඉදිකළ ශ‍්‍රී‍්‍ර දළදා මාලිගාව පෘතුගීසි ආක්‍රමණිකයන් විනාශ කළහ. එහි නටඹුන් මත නව බුදුමැදුර ගොඩනගා ඇති බව කි‍්‍ර.ව. 1765 අදින ලද මහනුවර මාලිගා සංකීර්ණයේ බිම් සැලසුමකින් අනාවරණයවේ. දැනට දක්නට ලැබෙන පැරණි දෙමහල් වැඩසිටින මාලිගාව ඉදිකරනු ලැබ ඇත්තේ ශ‍්‍රී වීරපරාක්‍රම නරේන්ද‍්‍රසිංහ (1707 - 1739) රජතුමාය. ඉන්පසු රජ පැමිණි නායක්කර් වංශික ද‍්‍රවිඩ රජවරු පවා ශ‍්‍රී‍්‍ර දළදා මාලිගාව වැඩි දියුණු කොට ආරක්ෂා කළහ. රාජ රාජ මහාමාත්‍ය වරුන්ගේ පමණක් නොව සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේම මුදුන් මල්කඩ වැනි ශ‍්‍රී‍්‍ර දළදා මාලිගාව දිනපතා නොකඩවාම දෙස් විදෙස් බැතිමතුන් ගේ හා සංචාරකයින්ගේ විශේෂ ගෞරව ප‍්‍රණාමයට හා පූජෝපහාරයට පාත‍්‍රවන ලෝක උරුම අනුපමේය සංස්කෘතික වටිනාකමක් ඇති බෞද්ධ සිද්ධස්ථානයකි. එහි වාස්තු විද්‍යාත්මක ලක්ෂණ උඩරටටම ආවේණික වූ ලක්ෂණයන්ගෙන් අනූනය. ශ‍්‍රී දළදා මාලිගාව නගරයට නැගෙනහිරින් උඩවත්ත කැළය අසල රජ මාළිගාව ආසන්නයේ ඉදිකර ඇත. දකුණු පසින් කිරි මුහුද හෙවත් මහනුවර වැවය. උතුරු පසින් රජ මාළිගයයි. බස්නාහිරින් නාථ හා පත්තිනි දේවාල පිහිටා ඇත්තේය.
නව වාහල්කඩ
වාහල්කඩ හෙවත් වාසල්කඩ යනු පිවිසුම් මාර්ගයයි. ශ‍්‍රී දළදා මාලිගාවේ නව වාහල්කඩ හා මහ වාහල්කඩ වශයෙන් දෙකෙකි. ඉන් නව වාහල්කඩ මෑත කාලයේදී ගොඩ නැගූවකි. මහනුවර නගරය මැදින් ශ‍්‍රී දළදා මාලිගාවට පිවිසෙන විට රැුජිණ හෝටලය ඉදිරියෙහි පිහිටා ඇත්තේ මෙම නව වාහල්කඩයි. මෙයද උඩරට නිර්මාණ කලාවට අනුකූලවම නිර්මාණ වූවකි.
මහ මළුව
පැරණියේදී මහ මළුව යොදාගෙන ඇත්තේ රජු පත්තිරිප්පුවෙහි පෙනී සිටි විට දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට පැමිණෙන පුරවැසියන්ට පැමිණ පොරොත්තුවී සිට සිය දුක්ගැනවිලි රජතුමා වෙත ඉදිරිපත් කිරීම සඳහාත්, අංගම්පොර වැනි පැරණි සටන් ක‍්‍රම විදහා දැක්වීම සඳහාත්, පෙරහර මංගල්ලයන් දැකබලා ගැනීම සඳහාත්ය. ක‍්‍රි. ව. 1828 දී සර් එඞ්වඞ් බාර්න්ස් ආණ්ඩුකාර සමයේ දළදා වහන්සේ බැහැරට වැඩම කොට මහමළුවේ තැනවූ දර්ශනීය මණ්ඩපයක තැන්පත් කොට ප‍්‍රදර්ශනය කළ බව ද පැවසේ. නව වාහල්කඩින් ඇතුල් වූ විට ඔබ පිවසෙන්නේ මහ මළුවටයි. එහි ඉදිරියට ගමන් ගන්නා විට නිදහස් ශ‍්‍රී‍්‍ර ලංකාවේ ප‍්‍රථම අග‍්‍රාමාත්‍යවරයා වූ මහා මාන්‍ය ඞී.ඇස්. සේනානායක ශ‍්‍රී‍්‍ර මතාණන්ගේ පිළිරුවත් මද්දුම බණ්ඩාර ළමා වීරවරයාගේ ප‍්‍රතිමාවත් නිදහස් සටන් මෙභෙය වූ වීර කැප්පෙටිපොල මහ දිසාවගේ ස්මාරකයත් ජීවිත පරිත්‍යාගයෙන් ශ‍්‍රී‍්‍ර දළදා වහන්සේගේ ආරක්ෂාව සලසාගැනීමට ක්‍්‍රියා කළා වූත් එනිසාම ඉංගී‍්‍රසි අධිරාජ්‍යවාදීන් ගෙන් සිරදඬුවම් විඳීමට සිදුවූවාවූත් 1815 මාර්තු 2 දා උඩරට ගිවිසුiමන් පසු නියමිත වේලාවට පෙරින් එසවූ ඉංගී‍්‍රසි කතිර කොඩිය පහත භෙළා සිංහල ජාතික ධජය ඔසවා අභීත වීරත්වය පෑවාවූත් අතිපූජ්‍ය වාරියපොල ශ‍්‍රී‍්‍ර සුමංගල අනුනාහිමිපාණන් වහන්සේගේ පිළිරුවත් ඉන් දකුණු පස ශ‍්‍රී‍්‍ර දන්ත ධාතූන් වහන්සේ ලක්දිවට වැඩම වූ හේමමාලා කුමරිය හා දන්ත කුමරුගේ පිළිරුවත් නැරඹීය හැකිය. මෙය කළක් රජයට අත්පත් කරගෙන තිබුණේ වී නමුත් මෑත භාගයේදී එය සංවර්ධනය කර නැවත් ශ‍්‍රී දළදා මාලිගාවට පවරා දෙන ලදී.
සඳකඩ පහණ
මහ වාහල්කඩ අභියස දර්ශණීය සඳකඩ පහණේ නිර්මාණය අනුරපුර පැරණි සඳකඩපහන් සම්ප‍්‍රදායන්ට වඩා තරමක් වෙනස්ය. අනුරාධපුරය රාජධානියෙහි පිහිටි සඳකඩපහන් වල සත්ව රූප නිර්මාණය වී තිබීම විශේෂ ලක්ෂණයකි. මහනුවර යුගයේ මෙම සඳකඩ පහණෙහි එවකට පැවති හින්දු ආගමික බලපෑම නිසාදෝ ගවයා වැනි සත්ව රූප ඉවත් වී නෙළුම් මල හා ලියවැල් වැනි ස්වාභාවික පිරිසරයට අයත් වස්තු යොදාගෙන නිර්මාණය කර ඇති බව පෙනේ. මෙම සඳකඩ පහන ත‍්‍රිකෝණාකාර හැඩයෙන් යුක්තය. එහි දෙපස මනඃකල්පිත සත්ව රූපයක් වූ මකර රූ දෙකෙකි. මකර මුවින් ඉදිරියට මල් කිනිති දෙකක් විහිදේ මධ්‍යයෙහි පිබිදුනු පද්මයකි. ශීර්ෂයෙන් විසිතුරු මල් කිනිත්තක් ඉහළට විහිදී තිබෙනු දැක්ක හැකිය. ශ‍්‍රී‍්‍ර දළදා මාලිගාව අබියස තිබූ පැරණි සඳකඩ පහණ ත‍්‍රස්තවාදී බෝම්බ ප‍්‍රහාරයේදී විනාශයට පත්විය. ඉන් ශේෂ වූ කොටස් දැනට ම`ගුල් මඩුව අසල බිමෙහි සංරක්ෂණය කොට තැබීමට පියවර ගෙන තිබේ. මෑතකදී නිර්මාණය කොට තැන්පත් කර ඇති නව සඳකඩ පහණ මනෑම කෙනෙකුට පැරණි ගල් වඩුවන්ගේ විශ්මිත කුසලතාවය හා ආභාසය උරුම වූ එවැනිම නිර්මාණ කරුවන් අදත් මවු බිමෙහි ජීවත්ව සිටින බව මහත් අභිමානයෙන් සලකා ගත හැකිය.
මහ වාහල්කඩ
ප‍්‍රධාන පිවිසුම් මාර්ගය වශයෙන් හඳුන්වන මහවාහල්කඩ නම් වූ ප‍්‍රධාන දොරටුව මඳක් වම්පසට වන ආකාරයෙන් ගොඩනගා ඇත. සඳකඩ පහන පසු කොට දිය අගල තරණය කර මෙම ශෛලමය දොරටුව වෙත ලගාවිය යුතුය. එය සුවිසල් කණු හතරක් මත ගොඩනැගී ඇත. එහි ආරුක්කු සතරක් දක්නා ලැබේ.
ඉදිරිපස දෙපැත්තෙහි හෙන්ඩුවක් අතින් ගත් ඇත් ගොව්වෙකු ඇතු පිට නැගි එම ඇතු සටනකට මෙහෙයවනු ලබන ආකාරයේ විසිතුරු ලෙස කැටයම් කළ ඇතුන් දෙදෙනෙකු දක්නා ලැබේ. ඉදිරිපස බිත්තිය දෙපැත්තෙහි අලංකාර කැටයමින් නිමවූ පංචනාරි ඝටය නමින් හඳුන්වන ස්ත‍්‍රී රූප පහකින් නිර්මාණය වූ පුන්කලසක හැඩය ගත් කැටයමක් දක්නට හැකිය. පසුපස දෙපස බිත්තියෙහි ආයුධයක් අතින් ගත් වාමන රූප දෙකක් මනහර කැටයමින් අලංකෘත කර තිබේ. එය පූජනීය ගොඩනැගිලි වලට ආවේනික වූවකි. මෙම වාහල්කඩින් ඇතුල් වූ විට දකුණට හා උතුරට විහදෙන පියගැට දෙපේලියක් පිහිටා තිබේ. උතුරට විහිදෙන පඩිපෙළින් රජමාලිගයට හා මගුල් මඩුවට ද, දකුණට දිවෙන පියගැටපෙළින් දළදා මාලිගයට ද පිවිසිය හැකිය. මෙම මහ වාහල්කඩ ගොඩනගා ඇත්තේ දළදා මාලිගාව රජ මාලිගාව හා මගුල් මඩුවට ද පිවිසිය හැකි පොදු පිවිසුම් මාර්ගයක් ලෙසය.
ශ‍්‍රී‍්‍ර දළදා මාලිගාවට ප‍්‍රවේශ වීමට ඇති මහ වාහල්කඩ අබියසට මාර්ග දෙකකින් ලගා වීමට පහසුකම් සලසා ඇත. වැව රවුමෙන් හෝ බූවැලිකඩ මාර්ගය ඔස්සේ හෝ පැමිණෙන කෙනෙකුට එක්සත් බෞද්ධ බල මණ්ඩල මන්දිරය අසල පිහිටා ඇති පොලිස් මාර්ග බාධකය පසුකොට ශ‍්‍රී‍්‍ර දළදා මාලිගාවේ විශ‍්‍රාම ශාලාව ඉදිරිපිට මාර්ග බාධකයෙන් ප‍්‍රවේශ වී ප‍්‍රධාන මහ වාහල්කඩ වෙත ලගාවිය හැකි අතර මහනුවර නගරය මැදින් පැමිණෙන කෙනෙකුට රැුජින හෝටලය ඉදිරිපිට පිහිටි නවවාහල්කඩින් ඇතුල් වී මහ මළුව ඔස්සේ ප‍්‍රධාන වාහල්කඩ වෙත ලගා විය හැකිය.
දිය අගල
ශී‍්‍ර දළදා මාලිගාව ඉදිරියෙහි දිය අගල මැදි කොට දිවෙන පිටත ප‍්‍රාකාරය වලාකුළු බැම්මක හැඩය ගෙන ඇත. ප‍්‍රදීප පූජාවන්හිදී පහන් තැබිය හැකි අයුරු ඉහළ කොටසෙහි සිදුරු සහිතව නිර්මාණය කොට ඇති අතර, එම වාරැුළි බැම්ම දියරැුලි හැඩය ගෙන ඇත. දිය අගලට ඇතුළතින් තරමක් උස ප‍්‍රාකාරයක් පිහිටියේය. මෙම දිය අගල නුවර වැවෙන් (කිරි සයුර) ගලා එන දියෙන් පිරීයයි. දළදා මැඳුර සිට විෂ්ණු දේවාලය දක්වා දිවයයි. ආරක්ෂාවට හා අලංකාරයට තැනවූ මෙය ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජු විසින් කරවූයේ යැයි සැලකේ. දිය අගල මතින් මහවාහල්කඩට පිවිසීමට පැරණියේදී අකුලන පාලමක් යොදා තිබුණැයි පළවේ. වර්තමානයෙහි ගලින් නිමවූ පාලමක් නිර්මාණය කොට ඇත.
මකර තොරණ
අඹරාවට පිවිසෙන දොරටුවෙහි කිඹිහි මුහුණකින් යුත් මකර තොරණක් දක්නා ලැබේ. ඒ ගල් උළුවස්ස රූකම් වලින් අලංකාරය. දොරටුපාල රූ දෙකකින් සැරසී ඇත. උළුවහු කණුව අසල වල් විදුනාවක් ගත් දොරටුපාල රූප දෙකකි. උළුවහු කණු පළාපෙති ලියවැල් ආදියෙන් සරසා ඇත්තේය. තොරණේ දෙපස මකර මුවක් ඉහළට ඇදී යයි. මකර කටින් නික්මෙන කැටයමක හංසයෝ ගමන් කරන විලාසයක් දැක්වේ. කිඹිහි මුවින් පහළට නෙළුම් මල්ය. කිඹිහි මුහුණ දෙපස වේත‍්‍රයක් අතින් දරා සිටින්නකු ද කඩුවක් අතින් දරා සිටින්නකු ද දිස්වේ. උළුවස්ස උසින් අඩි 12 කි. පළලින් අඩි 15 ක් පමණ වේ. මකර තොරණට ඇතුලතින් පියන් දෙකක දොරක් සවිකර ඇත. එය ඉදිරිපිට ද උඩරට කැටයම් කලාවට අයත් සඳකඩ පහනක් දක්නා ලැබේ.
අඹරාව (බිම්ගෙය)
උමගක් වැනිය. එය දිගින් අඩි 29 අගල් 08 ක් පමණ ද පළලින් අඩි 08 ක් පමණ ද වේ. උඩ කොටස මල් වියනක් බඳුව නෙළුම් මලින් හා ලියවැලින් සැරසී ඇත්තේය. දෙපස ඇගෙහි උඩ කොටස නිරාවරණය වූ තුප්පොට්ටියෙන් සැරසුණු මල් වට්ටි අතින් ගත් එක් පසෙකට අට දෙනෙකුගෙන් සමන්විත පුරුෂ රූප දක්නා ලැබේ.
හේවිසි මණ්ඩපය
අඹරාවෙන් ඉදිරියට යන විට හමුවන්නේ හේවිසි මණ්ඩපයයි. තේවාව පැවැත්වෙන වේලාවකදී නම් එහි හේවිසි පූජාවන් පවත්වන ආකාරය ඔබටද දැක බලාගත හැකිය. හේවිසි මණ්ඩපය සහිත දිග්ගේ දෙපස දහය බැගින් ගල්කණු විස්සකින් සමන්විතය. දිගශාලාවක් ලෙස පවතින නිසා දිග්ගෙය යනුවෙන් භාවිතා කරයි.
පැරණි දෙමහල් මාලිගාව අභියස පිහිටි දිග ශාලාව හේවිසි මණ්ඩපයයි. දිගින් අඩි 118 ක් පමණ ද පළලින් අඩි 40 ක් පමණ ද වන මෙම දිග ශාලාව ආයතචතුරස‍්‍රාකාරය. දිනපතා හේවිසි පූජා සිදුවන්නේ මෙහිදීය. දෙපස ගල් කණු දහය බැගින් සුවිසල් ගල් කණු විස්සකින් ඉහළ වහලය දරා සිටී. මෙම ගල් කණු කැටයම් කොට නිර්මාණය කරවා ප‍්‍රතිසංස්කරණ කටයුතු කළේ කේ. බී. නුගවෙල දියවඩන නිලමේතුමා විසිනැයි පැවසේ. කුළුණු මත එලා ඇති පේකඩ විසිතුරුය. මෙම ශාලාව තුළ දොළොස්මහේ පහන් තුනක් තබා තිබෙනු දක්නට හැකිය. වර්තමානයේදී ඒවා නොදැල්වේ. හේවිසි මණ්ඩපයේ සිට දකුණු පසින් පල්ලේමාලේ පිළිමගෙට හා පත්තිරිප්පුවට ගොඩවීමට ද වම්පස කුඩා චෛත්‍ය අසලින් ඉහළ දිග්ගෙට පිවිසුමට ද පියගැටපෙළ යොමුවී ඇත.
වැඩසිටින මාලිගාවේ පාතමාලය
හේවිසි මණ්ඩපය ඉදිරියෙහි පැරණි දෙමහල් වැඩසිටින මාලිගාව දර්ශනය වේ. වැඩසිටින මාලිගාව පාතමාලය හා උඩමාලය වශයෙන් මාල දෙකකින් යුක්තය. පාතමාලය ඉදිරිපිට සඳකඩපහණකි. එයට සඳගල යනුවෙන්ද භාවිතා කෙරේ. සඳකඩ පහනේ සිට ඉදිරිය බලනවිට පාෂාණමය මකර තොරණක් ද මනහර කැටයමින් බබලන රිදී දොරක් ද දක්නට ලැබේ. එතැන පියගැට පෙළ දෙපස ගලින් නෙලූ මුව අයාගත් සිංහරූප දෙකෙන්ද විශාල ඇත්දළ ජෝඩු දෙකෙන් ද ශ‍්‍රී දළදා මාලිගාවේ අභිමානවත් බව රැුකදේ. මෙම වාහල්කඩ ඇත්දත් වාහල්කඩ යනුවෙන් භාවිතා කෙරේ. පාතමාලයට ඇතුල්විය හැකි අමතර දොර දෙකක් උතුරු දෙසින් හා දකුණු දෙසින් පිහිටා ඇත. එභෙත් එම දොර දෙක සාමාන්‍යයෙන් විවෘත නොකෙරේ. වැඩ සිටින මාලිගාව වටා ගල් කණු විසිහයක් දක්නා ලැබේ. පාතමාලය වටේ උඩසීලිමෙහි හා බිත්තිවල විවිධ චිත‍්‍ර සිතුවම් කොට ඇත. පාතමාලයේ රිදී දොරෙන් ඇතුල්වූ විට මුලින්ම පිවිසෙන්නේ පැරණි දිග්ගෙයටය. එහි වටිනා කෞතුක භාණ්ඩ තැන්පත් කළ අල්මාරි කීපයක් දිස්වේ. සීලිම සිතුවම් වලින් සරසා ඇත්තේය. ධාතු කරඬුව වැඩමවන මංගල හස්ති රාජයාගේ පිටමත තබන වතපුටුව තැන්පත් කොට ඇත්තේ ද මෙහිය. ඇතුළත ගල් මකර තොරණක් සහිත දොරකින් වෙන් වූ කාමරයකි. එය මහඅරමුදල නමින් හඳුන්වන ගබඩා කාමරයකි. එහි ඉදිරිපිට පැරණි බිම්ගෙය පිහිටියේය. පහත මාලය ඇතුළතින් උඩමාලයට පිය නැ`ගිය යුත්තේ ලී පියගැටපෙලකිනි. මෙතනින් උඩමාලයට ඇතුල් විය හැක්කේ තේවා කටයුතු භාර මහා සංඝරත්නයටත් සහායක සේවක කාරකාදිනටත් විශේෂිත අමුත්තන්ටත් පමණි.
හඳුන්කුඩම (හඳුන්කූනම)
පාතමාලයේ සිට ඉහත පියගැට පෙළින් පිවිසෙන්නේ උඩමාලයේ හඳුන්කුඩමටයි. මීට අමතරව හඳුන්කුඩමට ඉහල මාලයේ පිරිත් මණ්ඩපයේ සිට ඇතුල්විය හැකි දොරක්ද ගෙපලූම් බරාදයන්ගෙන් ඇතුළ්විය හැකි දොර දෙකක් ද ගන්ධකුටියට මුහුණලා තවත් දොරක්ද වශයෙන් දොර සතරක් සවිකොට ඇත. හඳුන් කුඩමේ ඇතුළත බිත්ති හා සීලිම අලංකාර සිතුවම් වලින් විසිතුරු වී ඇත. එහි පළමු චිත‍්‍ර ශ‍්‍රී වීර පකරාක‍්‍රම නරේන්ද‍්‍රසිංහ රජු විසින් නිර්මාණය කරවන ලදී. පසුව ඒ මත කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු විසින් ද, ක‍්‍රි. ව. 1942 දී රත්වත්තේ දියවඩන නිලමේතුමා විසින් ද ප‍්‍රතිසංස්කරණයන් කර ඇත. පසුගිය දා බෝම්බ ප‍්‍රහාරයෙන් පසු මතුකරගත් චිත‍්‍ර කොටස් නරේන්ද‍්‍රසිංහ රජතුමාගේ කාලයෙහි නිර්මාණය කළ ඒවා බවට විශ්වාස කෙරේ. නරේන්ද‍්‍රසිංහ රජතුමා ජාතක කථා තිස් දෙකක් ශ‍්‍රී‍්‍ර දළදා මාලිගාවෙහි සිතුවම් කරවූ බව මහාවංශයෙහි සඳහන් වේ.
හඳුන්කුඩම හා ගන්ධකුටිය අතර ඇති ළදරුවන් පූජාකරන කොටස ද හඳුන්කුඩමට අයත්බව සැලකෙන නමුත් එය ගෙපලූම් බරාදයේම කොටසක් හැටියට තවත් සමහරු පවසති.
හඳුන්කුඩමට වම් පසින් ගෙපලූම් බරාෑය පිහිටියේය. එහි කවිකාර මඩුවේ භාණ්ඩ ද තැන්පත් කෙරේ. වැඩසිටින මාලිගාවට දකුණු පසින් ඇත්තේ කත්තියන බරාදයයි. හේමකද පයිංඩ කර ගෙනැවිත් තබනුයේත් දාන පාත‍්‍රා හා ගිලන්පස සූදානම් කරනුයේත් කත්තියන බරාදයේය. ගන්ධකුටියට පිටිපසින් බරාදය සළුබරාදය භෙවත් සළු මණ්ඩපය ලෙස හඳුන්වයි. මෙම බරාඳුයට කිසිවෙකුට ඇතුල්වීමට ඉඩ නොලැබේ. රජතුමා ශ‍්‍රී‍්‍ර දළදාවහන්සේ වැඳපුදා ගැනීමට පැමිණිවිට අතිරේක සළුපිලි තැබීමට භාවිතා කෙරෙන මෙම බරාඳුයයි. හඳුන්කුඩමට දකුණු පසින් කවිකාර මඩුව පිහිටියේය. කවිකාර මඩුවේ අය එහි සිට නානුමුර මංගල දිනයේදීත්, පෝයදිනවලදීත් හා පෙරහර මංගල්ලය අවස්ථාවලදීත් ශ‍්‍රී‍්‍ර දළදා සිරිත ගායනා කරති.
ශ‍්‍රී‍්‍ර දන්ත ධාතූන් වහන්සේ වැඩසිටින මාලිගාව (ගන්ධකුටිය )
ගන්ධ කුටියෙහි දක්නට ලැබෙන වෙඩි නොවදින වජ‍්‍රමය ආවරණය ජපානයේ එහේජි පන්සලේ පූජ්‍ය රිම්පෝ නිවා නායක තෙරුන් වහන්සේ කළ පූජාවකි. වීදුරු ආවරණය තුළ රිදියෙන් නිමවා රන් ආලේපිතව වටිනා මිණිමුතුයෙන් අලංකෘතව විශාල කරඬුවක් දිස්වේ. මෙම මහා කරඬුව ඇතුළත තවත් කරඬු හයක් තැන්පත් කර තිබේ. හත්වෙනි කරඬුවේ ශ‍්‍රී‍්‍ර දන්තධාතූන් වහන්සේ තැන්පත් කර ඇත. මෙම කරඬු විවෘත කිරීම සඳහා අදාල යතුරු මල්වතු අස්ගිරි උභය මහා විහාරයෙහි අතිගරු මහානායක ස්වාමීන්ද‍්‍රයන් වහන්සේලා දෙනම වෙත හා ගිහිභාරකාර දියවඩන නිලමේතුමා භාරයේ පවතී. කරඬු විවෘත කිරීමකට iමම තිදෙනාගේම සහභාගීත්වය අත්‍යවශ්‍යය වේ. එම මහ කරඬුව උසින් අඩි 5 1/2 පමණ වේ. රිදී 25000 කින් නිමවා රන් ආලේප කර නවරත්නයන් ඔබ්බවා රත්න චෛත්‍යයක් බදුව නිර්මාණය කොට එම මහ කරඬුව පූජා කරනු ලැබුවේ දෙවන විමලධර්මසූරිය රජතුමා (ක‍්‍රි. ව. 1687 - 1707) බව මහාවංශය සඳහන් කරයි. මහා කරඬුවේ වටිනා මිණිමුතු වලින් විසිතුරු වූ විවිධ ස්වර්ණාභරණ පළඳවා තිබේ. එහි දෙපස පෙරහර කරඬුව හා බුරුම කරඬුව තැන්පත් කර ඇත. iමම කරඬුවල ද වටිනා ස්වර්ණාභරණ පළඳවා තිබෙනු දැක්ක හැකිය. කරඬුව ඉදිරිපස රනින් නිමවූ මල් ආසනයකි. මෙම මල් ආසනය මත පූජාකිරීමට ගනු ලබනුයේ සුදුපැහැ පිච්ච මල්ය. මල් පූජාව පිණිස ගෙනෙන විට බන්දේසියක හෝ වට්ටියක තබාගෙන ආයුතුය. ගෙනා මල්වට්ටිය හෝ බන්දේසිය මුලින්ම තේවාභාර ස්වාමීන් වහන්සේ වෙත භාරදිය යුතුය. එවිට උන්වහන්සේ ගේ සුරතින් දෙන මල්මිට මල් ආසනය මත තබා පූජා කිරීම අපේක්ෂා කෙරේ. ගන්ධකුටියට ඇතුල්වන විට රිදී පඩි කඳු පෑගීමට ඉඩ නොදේ. රජතුමා වන්දනා කිරීමට පැමිණිවිට ඔටුන්න ගලවා තබා තම නළල තබා වන්දනා කළ බැවින් හා ආලත්තිබෑමෙන් පසු පහන්තැබීමට යොදාගන්න බැවින් මෙම සිරිත සම්ප‍්‍රදායක් වශයෙන් අනුගමනය කෙරේ.
ගන්ධ කුටිය තුළ තේවා කටයුතු වලට හා අනිකුත් බැතිමතුන්ට බාධාවන පරිදි වැඩිවේලාවක් රැඳී සිටීමට අවකාශ නොලැබේ. විශේෂයෙන් ගන්ධකුටියට හා හඳුන්කුඩමට ඇතුල්වීමට අවස්ථාව ලැබෙනුයේ නියමිත අමුතු මුළුතැන් බුද්ධ පූජාවට හා අතිරේක මුල්තැන් බුද්ධපූජාවට පැමිණෙන බැතිමතුන් සීමිත ගණනකටත්ල ශ‍්‍රී‍්‍ර දළදා වහන්සේට ළදරුවන් පූජාකිරීමට පැමිණෙන බැතිමතුන්ටත් විශේෂ අමුත්තන්ටත් පමණි. අනෙකුත් බැතිමතුනට පිරිත් මණ්ඩපය අසල සිට වන්දනා කිරීමට අවස්ථාව සැලසේ. භික්ෂූන් වහන්සේලා වැඩසිටින මාලිගාවට පිවිසෙන විට දී සම්ප‍්‍රදායක් ලෙස බඳපටියක් බැඳිය යුතුය.
ශ‍්‍රී‍්‍ර දළදා මාලිගාවේ චෛත්‍යය
හේවිසි මණ්ඩපයේ සිට වම්පසින් ඉහළට නගින විට කුඩා චෛත්‍යයක් හමුවේ. මෙම දාගැබෙහි නිදන්කොට ඇත්තේ පාත‍්‍රාධාතූන් වහන්සේ බවට විශ්වාසයක් ඇති නමුදු ශ‍්‍රී‍්‍ර දළදා වහන්සේට පූජා කළ වටිනා භාණ්ඩ තැන්පත් කර තැනුවක් බව ඇතැමුන්ගේ මතය වේ. ඒ අසල බිත්තියෙහි මූර්තිමත්කර ඇත්තේ හේමමාලා කුමරිය හා දන්ත කුමරුය. මෙහි සිට ඉහළට වැටී ඇති පිය ගැට පෙළ ෙගින විට උඩමාලයේ දිග්ගෙට පිවිසිය හැකිය.
උඩදිග්ගේ
ශ‍්‍රී‍්‍ර දන්තධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට එන බැතිමතුන් ගෙන එන මල් පූජා කරනුයේ මෙම දිග්ගෙයි තබා ඇති මල් ආසනය මතය. එය දානශාලාවක් වශයෙන් ඉඩකඩ ඇතිනිසා බැතිමතුනට විවේකීව හිඳ වන්දනා කිරීමට අවස්ථාව සැලසේ. උඩ දිග්ගෙය කරා පියනැ`ගිය යුත්තේ චෛත්‍ය අසලින් වැටී ඇති ලී පියගැට පෙළිනි. උඩ දිග්ගෙට පිවිසි බැතිමතුන්ට වන්දනා කිරීමෙන් පසු පල්ලේමාලයට බැසීම සඳහා පියගැට පෙළවල් දෙකක් ඇත. ඉන් එක් පියගැට පෙළක් පාතමාලයේ ඉදිරියට ද අනෙක් පියගැට පෙළ හේවිසි මණ්ඩපය වෙතද යොමු වී තිබේ.
පිරිත් මණ්ඩපය
උඩ දිග්ගෙයි මල් ආසනයට යාබදව බීරළු වලින් වට සිතුවම් කළ සිවිලිමකින් යුක්තය. විශේෂ දළදා ප‍්‍රදර්ශනය කරනුයේ පිරිත් මණ්ඩපයේ වඩා හිඳුවාය. විශේෂ පිරිත් දේශනා පැවැත් වීමේදී ද අලූත් සහල් මංගල්‍යය පැවැත්වීමේදීද මෙම පිරිත් මණ්ඩපය ප‍්‍රයෝජනයට ගනී. මුලූතැන් බුද්ධ පූජාව සඳහා පැමිණෙන බැතිමතුන් වැඩසිටින මාලිගාවේ දොරවල් විවෘත කෙරෙන තුරු සිටිනුයේ ද පිරිත් මණ්ඩපය තුළය. එහි ඉදිරිපිට දොරවල් තුනක් දක්නට ලැබේ. මැද දොරෙන් හදුන්කුඩමට ද දෙපස දොර දෙකෙන් ගෙපලූම් බරාදයට ද පිවිසිය හැකිය. ගෙපලූම් බරාද වලින් හදුන් කුඩමට පිවිසීමට ද දොරවල් යොදා ඇත.
පල්ලේ මාලයේ විහාර මන්දිරය
මුල් යුගයේදී වැඩසිටින මාලිගාවේ පාතමාලයේ විහාර ගෙයක් ද පැවති බව විශ්වාස කෙරේ. එම විහාර ගෙය වෙනුවට පල්ලේමාලය නමින් හඳුන්වන පිළිමගෙය කීර්ති ශ‍්‍රී‍්‍ර රාජසිංහ රජතුමා විසින් කරවන ලද්දකි. එහි වැඩසිටින රන් ආලේපිත ලොකු පිළිමවහන්සේ කරවීම රාජාධි රාජසිංහ රජතුමාගේ කාලයේදී ආරම්භ වූ නමුත් එහි වැඩ අවසන් කර තැන්පත් කර ඇත්තේ ඉංගී‍්‍රසි පාලන සමයේදීය. නාථ දේවාල භූමියේදී මෙම ප‍්‍රතිමා වහන්සේ නිමකරවා පසුව ශ‍්‍රී‍්‍ර දළදා මාලිගාවට ගෙනවිත් තැන්පත් කළ බව ජනප‍්‍රවාදයකින් පැවසේ. පල්ලේමාලයේ බුදුගෙයි වැඩසිටින කුඩා පලිගු පිළිමවහන්සේ තැන්පත් කර ඇති අලංකාර මංජුසාව දෙල්ගමුව විහාරස්ථානයේ සිට ශ‍්‍රී‍්‍ර දන්තධාතූන් වහන්සේ මහනුවරට වැඩමවීම සඳහා යොදාගත් මංජුසාව බව ප‍්‍රකටය. මෙහි බිත්තිවල හා සිවිලිමෙහි විසිතුරු සිතුවම් නිර්මාණය කර ඇත. මෙම සිතුවම් අතර විෂ්ණු දේවරූපය කීර්ති ශ‍්‍රී‍්‍ර රාජසිංහ රජුගේ රූපය වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ හිමිගේ සිතුවම යන චිත‍්‍ර වඩාත් කැපීපෙනේ. අගනා රත්නමාලි යන්ත‍්‍ර රාජයා ඇඳ ඇත්තේ ද පල්ලෙමාලයේය. පල්ලෙමාලයේ තේවාකටයුතු සඳහා භික්ෂූන්වහන්සේ නමක් පත්කර ඇත. උන්වහන්සේට සහාය පිණිස පල්ලෙමාල රාල නමින් නිලධාරියෙකු පත්කර ඇත්තේය. වැඩසිටින මාලිගාවේ යතුරු පයිංඩ කරන අවස්ථාවේදීම පල්ලේ මාලයේ යතුරු පයිංඩකර සඳගල ලගදී පල්ලේමාලරාළ වෙත භාරදීම සිදුවේ.
ශ‍්‍රී‍්‍ර දන්තධාතූන්වහන්සේගේ තේවා කටයුතු සිදුවන වේලාවේදීම පල්ලේ මාලයේ බුදුගේ තේවා කටයුතුු ද සිදුවේ. එහි ද හේමකද පයිංඩකර තැන්පත් කිරීමට කත්තියන බරාදයක් ඇත.
පත්තිරිප්පුව
කි‍්‍ර.ව. 1802 දී ශ‍්‍රී‍්‍ර වික්‍රම රාජසිංහ රජතුමා විසින් උඩරට හන්දෙස්සේ දේවේන්ද‍්‍ර මුලාචාර්යය නැමැති දක්ෂ ශිල්පියා ලවා කරවන ලද්දකි. අටපට්ටම් හැඩයෙන් නිමවා ඇති මෙම ගොඩනැගිල්ලට ඉදිරිපසින් තනා ඇති දිය අගලින් හා වලාකුළු (දියරැලි) බැම්මෙන් ඉතා දර්ශනීය පෙනුමක් ලබා දෙයිග දැනට වටිනා ධර්ම පුස්කොළපොත් හා මුතු පොත් තැන්පත් කොට ඇත්තේ මෙහිය. මෙම ප‍්‍රධාන පුස්තකාලයෙහි පුස්කොළ පොත් අතර පන්සිය පනස් ජාතක කථා ලියවූ පුස්කොල පොත ඉතාවටිනා ඓතිහාසික පුස්කොළ පොතකි. එය කුරුණෑගල යුගයට අයත්ය. මෙම පුස්තකාලයේ සිට වටිනාපොත් පරිශ‍්‍රීලනයට ඉඩසැලසී නැති නමුදු වර්තමාන දියවඩන නිලමේතුමා ඒ සඳහා වෙනම ශ‍්‍රී‍්‍ර දළදා පුස්තකාලයක් පිහිටුවා ඇත්තේය. රජතුමා පත්තිරිප්පුව යොදාගනු ලැබූයේ මහමළුවට රැස්වෙන රටවැසියාගේ දුක්ගැනවිලි වලට සවන් දීමට හා ඔවුන් ඇමතීමටත් පෙරහැර හා ඉදිරියේ ඇති කිරිමුහුදේ සෞන්දර්යය නැරඹීමටත් බව පෙනේ. පාත්වෙලා ඉන්න තැන යන අරුතින් පාත්ත ඉරිප්පු යන දෙමළ වචනයෙන් පත්තිරිප්පුව යන නම සැකසී ඇතැයි පැවසේ. පත්තිරිප්පුවේ සිට රජමාලිගය දක්වා වැටී ඇති උමගක් ගැන ද කියැවේ. පත්තිරිප්පුව මෑතක් වන තුරුම රජයට අයත්ව තිබී හිටපු අග‍්‍රාමාත්‍ය ඩඞ්ලි සේනානායක මැතිතුමා විසින් සන්නසකින් ශ‍්‍රී‍්‍ර දළදා මාලිගාවට පවරා දුන්නේය.
නව බුදු මැදුර පිහිටි ගොඩනැගිල්ල
1916 - 1937 අතර දී ගොඩනගනු ලද නව බුදුමැදුර සහිත ගොඩනැගිල්ල බිම්මාලයට අමතරව මහල් තුනකින් යුක්තය. නව බුදුමැදුරට පහතින් බිම්මාලයේ පිහිටි ශාලාව සියක් නමකට පමණ දානය පිරිනැමිය හැකිපරිදි අවශ්‍ය උපකරණ ද සමග දානශාලාවක් වශයෙන් සකස්කොට ඇත. මෙම දාන ශාලාවට මුලූතැන් ගෙය ඉදිරිපිටින් ද නව බුදුමැදුර ඇතුලතින් පහලට වැටී ඇති පියගැටපෙළින් ද පැමිණිය හැකිය. දිනපතා මහා සංඝරත්නයට දානය පිරිනමන්නේ මෙම ශාලාවේදීය.
මෙම ගොඩනැගිල්ලේ දානශාලාවට ඉහලින් ඇති මහල නව බුදු මැදුර හැටියට සැකසී ඇත. එහි ඉදිරිවේදිකාවෙහි තායිලන්තයෙන් (සියම්) පූජාකරණ ලද රන්වන් පැහැති බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නමක් හා මැලේසියාවෙන් පූජා කරනු ලැබූ කිරිගරුඩ ප‍්‍රතිමා වහන්සේ දෙනමක් වඩා හිඳුවා ඇත. එම ලොකු පිළිමවහන්සේට අමතරව ඉන්දියාව චීනය පකිස්ථානය වැනි විදේශ‍්‍රීය රාජ්‍යයන්ගෙන් පූජාකරන ලද පිළිමවහන්සේලා කීපනමක්ද තැන්පත් කොට ඇත. ශාලාව වටා මැලේසියාවෙන් පූජා කරනු ලැබූ අටවිසි බුද්ධ ප‍්‍රතිමා වහන්සේලා ද දර්ශනීය ලෙස තැන්පත් කර ඇත. නව බුදු මැදුර වටා දර්ශනය ලෙස අදින ලද චිත‍්‍ර රාශියක් දක්නට ලැබේ. එම චිත‍්‍රවලින් ශ‍්‍රී‍්‍ර දන්තධාතූන් වහන්සේ පිළිබඳ ඉතිහාස කථාපුවත නිරූපණය කොට දක්වයි. සිදුහත් උපතේ සිට දන්තධාතූන් වහන්සේ පිළිබඳ කථා පුවත මැනවින් එම චිත‍්‍රවලින් පිළිබිඹු වේ. නව බුදුමැදුර බැතිමතුනට විවේකීව වන්දනා මාන කරගත හැකි පිළිමගෙයකි. විශේෂ ධර්ම දේශනා හා පිරිත් දේශනා පැවැත්වීම සඳහා ද මෙම නව බුදුමැදුර ප‍්‍රයෝජනයට ගනී. නව බුදුමැදුර තුලින් ඉහළ මාල දෙකේ ඇති ශ‍්‍රී‍්‍ර දළදා කෞතුකාගාරය නැරඹීම සඳහා යා හැකිය.
මුළුතැන්ගෙය
ශ‍්‍රී‍්‍ර දළදා මාලිගාවේ ඇති ගොඩනැ`ගිලි අතර ඉතාවැදගත් තැනක් මුළුතැන් ගෙට ද හිමිවේ. ශ‍්‍රී‍්‍ර දන්තධාතූන් වහන්සේ උදෙසා දිනපතා සිදුකෙරෙන බුද්ධ පූජා පිළියෙල කෙරෙනුයේ මෙහි බැවිනි. මුළුතැන්ගෙය පවිත‍්‍රව තබා ගැනීම හා දානය පිළියෙල කිරීම ඉතා පිරිසිදුව ප‍්‍රනීතව ඉටුකරවීම පිළිබඳව තේවාභාර නායක ස්වාමීන් වහන්සේලා මෙන්ම දියවඩන නිලමේතුමා ද විශේෂ සැලකිල්ලක් දක්වයි. පෙර රජ දවස ශ‍්‍රී‍්‍ර දළදා වහන්සේට දානය හා ගිලන්පස පිළියෙල කරනු ලැබුයේ රජමාලිගාවේ මුළුතැන්ගෙය තුළදීමය. එසේ සූදානම් කරන ලද අග‍්‍රභෝජනය රජතුමා විසින්ම හේමකදක (රන්කද) තබාගෙන ශ‍්‍රී‍්‍ර දළදාමාලිගාවට පූජාව පිණිස ගෙන ඒම සාම්ප‍්‍රදායික චාරිත‍්‍රයක් විය. මෙම චාරිත‍්‍රය අදත් සංකේතවත් කරමින් කත්තියන රාළ විසින් මුලූතැන් ගෙයි සකස්කරන ලද දානය හේමකදක තබා තේවාව අවස්ථාවෙහි පයිංඩ කරන ආකාරය දැකිය හැකිය. බුදුරජාණන් වහන්සේට දෙවියන්ට හා රජුන්වැනි උතුමන්ට පිළියෙල කරන දානය මුළුතැන් යනුවෙන් භාවිතා කෙරේ. ශ‍්‍රී‍්‍ර දන්ත ධාතූන් වහන්සේ උදෙසා පිළියෙල කෙරෙන බුද්ධපූජාව අමුතු මුළුතැන් බුද්ධපූජා නමින් පිළියෙල කරනුයේ මුළුතැන් රාළ හා ඔහුගේ සහායකයන් විසිනි. මුළුතැන් බුද්ධ පූජාව භාරගත් අයවිසින් හෝ කාරියකරවන කෝරාල විසින් හෝ දානයට අවශ්‍ය ද‍්‍රව්‍ය සපයා දිය යුතුය.
මගුල් මඩුව
උඩරට වාස්තු විද්‍යාවේ විචිත‍්‍ර නිර්මාණයක් ලෙස සැලකිය හැකි මගුල් මඩුව පිහිටා ඇත්තේ රාජ මාලිගා සංකීර්ණයේ ශී‍්‍ර දළදා මාලිගාව ආසන්නයේය. මහනඩුව යනු ද ඊටම නමකි. වර්තමානයේ දක්නට ලැබෙන දැවමය මගුල් මඩුව ක‍්‍රි. ව. 1783 දී රාජාධි රාජසිංහ (ක‍්‍රි. ව. 1781 - 1798) රජතුමා කරවූවක් බවත් ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජු (ක‍්‍රි. ව. 1798 - 1815) විසින් පිළිසකර කරනු ලැබූවක් බවත් පැවසේ. ඉංග‍්‍රීසි පාලකයන් විසින් මෙය පිළිසකර කරවා අලූතින් ද කොටසක් එක්කොට ඇත. මගුල් මඩු ඉදිකළේ රාජාධි රාජසිංහ රජු බව පවසතත් එතුමාට පෙර ද සෙංකඩගලපුර රජ මාලිගා සංකීර්ණයේ මගුල් මඩුවක් ඉදිවී තිබිණැයි සලකාගත හැකිය. මුල් මගුල් මඩුව විනාශ වූයෙන් රාජධි රාජසිංහ රජතුමා යළි ගොඩනැගුවා විය යුතුය. උඩරට වාස්තු විද්‍යාවේ එන විසිතුරු ලී කැටයම් කලාවට අනුව මෙම නිර්මාණය කරනු ලැබූයේ දේවේන්ද්‍ර මූලාචාර්ය විසිනි. පත්තිරිප්පුව නිර්මාණය කළේ ද ඔහුය.
සිංහල රාජ්‍ය සමයේ රජතුමා හා ඉහළ නිලධාරින්ගෙන් සමන්විත ඉහළ අධිකරණය මහනඩුව වශයෙන් රැුස්වූයේ මෙහිදීය. පසුකාලයේද මෑත භාගය වනතුරු ඉහළ නඩු මෙහිදී විභාග විය. රාජ්‍ය සමයේ මෙන්ම ඉංග‍්‍රීසින්ගේ කාලයෙහි ද වර්තමානයෙහි ද මෙම මගුල් මඩුව තුළ වැදගත් නඩු තීන්දු කීපයක්ම ප‍්‍රකාශයට පත්විය.
රජු විශේෂ අමුත්තන් නියෝජිතයන් හමුවූයේ ද මෙහිදීය. ඇසළ පෙරහර මංගල්ලය දිනපතා රාත‍්‍රියෙහි අවසන් වූ පසු සාර්ථකව පෙරහර අවසන් වූ බව දේවාල වල කපුවන් විසින් රජතුමාට සැලකර සිටියේ ද මගුල් මඩුවේදී බවට ජනප‍්‍රවාදයක් පවතී.
ක‍්‍රි. ව. 1815 දී සිංහල ඉංග‍්‍රීසි උඩරට ගිවිසුම අත්සන් කරනු ලැබූයේ ද මෙම ඵෙතිහාසික ගොඩනැගිල්ලේදීය. ක‍්‍රි. ව. 1875 දී වේල්සයේ කුමරු මහනුවරට පැමිණි අවස්ථාවෙහි පිළිගැනීම් උත්සවය පැවැත්වූයේ ද මෙහිය. වර්තමානයේදී මල්වතු අස්ගිරි උභය මහාවිහාරයේ අතිගරු මහානායක පදවි හා අනුනායක පදවි පත්කිරීම් සන්නස් පත‍්‍රය රටේ ජනාධිපතිවරයා විසින් පිළිගන්වනුයේ ද මෙම මගුල් මඩුවේදීය.
—————